දේශීය පුවත්

මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 1.3කින් අඩුවී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

2021 වර්ෂයේ දී කිරි ලීටර් මිලියන 513ක් නිෂ්පාදනය කර තිබූ අතර එය 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 506 දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරට කිරි අවශ්‍යතාවයෙන් සියයට 48ක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබන බවත්, මෑතකාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකාව දළ වශයෙන් රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැය කරමින් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික්ටොන් 88,482ක් ආනයනය කරනු ලබන බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

සත්ත්ව ආහාර හිඟවීම, මිල අධික වීම, තෘණ හා සත්ත්ව ආහාර භෝග වගාකිරීම සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහන පහසුකම්වල දුෂ්කරතා ආදි හේතු කිරි නිෂ්පාදනය අඩුවීමට බලපා ඇති බව ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More