දේශීය පුවත්

ප්‍රංශ පොලිසිය නීතිය බලාත්මක කිරීම හේතුවෙන් යෞවනයෙකු ඝාතනය වීමත් සමඟම පසුගිය සතියේ රටපුරා ඇති වූ කැරලි වලදී ප්‍රංශය තම පොලිසිය භාවිතා කළේ කෙසේද යන්න විනිශ්චය කිරීම යුරෝපා සංගමයට අයත් කාර්යක් නොවන බව යුරෝපා සංගමයේ ප්‍රංශ රාජ්‍ය ලේකම් ලෝරන්ස් බූන් පසුගිය 07 වනදා පැවසීය.

ජූනි මස අගදී, ප්‍රංශ පොලිසිය ප්‍රචණ්ඩ විරෝධතා අවුලුවාලමින් ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකුට  Nanterre හිදි වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඊට ප්‍රතිචාර වශයෙන් නැගුනු කෝලාහල මැඩ පැවැත්වීමට ප්‍රංශ බලධාරීන් දස දහස් ගනනක් පොලිස් නිලධාරීන් යොදවා 3,000කට වැඩි කැරලිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්හ.

පසුගිය 06 වනදා යුරෝපියානු කොමසාරිස් ඩිඩියර් රෙයින්ඩර්ස් කෝලාහල මැඩ පැවැත්වීමට ප්‍රංශය කටයුතු කළ අකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ප්‍රංශයේ “ඉතා ඉහල මට්ටමේ ප්‍රචණ්ඩත්වයක්” පිලිබඳව අනතුරු ඇඟවීමක් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එය මෑත කාලීන විරෝධතා මගින් පමණක් නොව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වලට එරෙහි පෙලපාලි මගින් පවා පෙන්නුම් කළ බව ඔහු අවධාරණය කළේය.

“අපි ඇත්තටම සිදුවූ දේ පරීක්ෂා කර බැලිය යුතුයි. මන්ද සිදුවූ සිද්ධීන් ගැටළු සහගතයි. සමහර විට එය නිශ්චිත පොලිස් නිලධාරීන් ගණනකගේ හැසිරීම විය හැකියි. සිදුවී ඇති ඛේදනීය සිදුවීම් තුලින් අපට එය දැකගත හැකියි.” ඔහු ප්‍රකාශ කළේය. ඒ අතර, “පෙළපාලි යාමට විරෝධතාකරුවන්ට අයිතියක් ඇති නමුත් ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද එයම කිව හැකියි.ගබඩා කොල්ලකෑමට, ව්‍යාපාර විනාශ කිරීමට හෝ පොදු දේපළ විනාශ කිරීමට විරෝධතාකරුවන්ට අයිතියක් නැහැ. ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්,ඩිඩියර් රෙයින්ඩර්ස්ගේ විවේචනයට ලෝරන්ස් බූන්ගේ පිළිතුරු දෙමින් සිය ට්විටර් පිටුවේ තැබූ සටහනක සෙනෙට් නඩු විභාගයක වීඩියෝ දර්ශනයක් එකතු කර තිබූ ඇය, “ප්‍රංශය සිය පොලිස් බලකායන් කළමනාකරණය කරන ආකාරය ගැන උනන්දුවක් දැක්වීම ඩිඩියර් රෙයින්ඩර්ස් හෝ යුරෝපීය කොමිසමේ කාර්යක් නොවේ.” යනුවෙන් අවධාරණය කළාය.

පසුගිය මාසවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රංශයේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන භාවිතයන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම විවේචනය කර තිබුණි.පසුගිය මැයි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රංශ පොලිසිය විසින් අධික ලෙස බලය යෙදවීම හෙළා දකිමින්, “ආරක්ෂක හමුදා වලට ප්‍රංශයේ වාර්ගික පැතිකඩ” සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලෙස පැරීසියෙන් ඉල්ලා සිටියේය. එම චෝදනාව පසුගිය ජූනි මස අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සහ – මෑතක දී – වාර්ගික වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CERD) විසින්ද නැවත ප්‍රතිරාවය කර තිබුණි.

කෙසේ වෙතත්, ප්‍රංශ විදේශ අමාත්‍යාංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටියේ, “ප්‍රංශයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් වර්ගවාදය හෝ පද්ධතිමය වෙනස්කම් කිරීම් පිළිබඳ එල්ල කරනු ලබන ඕනෑම චෝදනාවක් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” බවයි. බලය භාවිතා කිරීම “නිරපේක්ෂ අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය” යන මූලධර්ම මගින් පාලනය වන බව එය තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More