දේශීය පුවත්

ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඩොලරය වෙනුවට නව මුදල් ඒකකයක් ලෝකයට හඳුන්වා දීමේ උත්සාහයක නිරතවී සිටි බව උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි.

ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබූ බවද ජනපතිවරයා පවසයි.

කෙසේ වෙතත් ලිබියානු යුද්ධය නැවැත්වීමේ අරමුණින් අප්‍රිකානු නායකයින් පිරිසක් ලිබියාවට යාමට උත්සාහ කිරීමේ දී නේටෝ සංවිධානය එය වැළැක්වූ බව ද උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිකරන උගන්ඩා ජනාධිපතිවරයා,

“මිය ගිය ගඩාෆිට ඔහුගේම ගැටලු තිබුණා. ඔහුගේ අදහස් තිබුණා. සමහර වෙලාවට අපි ඔහුත් සමග එකඟ වුණා. සමහර වෙලාවට එකඟ වුණේ නැහැ. ලිබියානු ගැටලුව මතු වුණ අවස්ථාවේ දී අප්‍රිකානු සංගමය කමිටුවක් පත්කළා. ලිබියාවේ ගැටලුවට විසඳුමක් සොයන්න කියලා අප්‍රිකානු සංගමය එම කමිටුවට උපදෙස් ලබා දුන්නා. එක් අවස්ථාවක එම කමිටුව ලිබියානු යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්න ලිබියාවට පිටත් වුණා. නමුත් නේටෝ සංවිධානය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. අප්‍රිකානු නායකයින්ට ආපසු යන ලෙස නේටෝ සංවිධානය නියෝග කළා. ලිබියාවට යන්න නේටෝ සංවිධානය අවසර දුන්නේ නැහැ. ඔවුන අපිට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් ගඩාෆිව මැරුවා.”

කෙසේ වුවද බටහිර බලවේගවල මැදිහත්වීමෙන් ගඩාෆි ඝාතනයට ලක්වීම පිටුපස රන් මත පදනම් වූ තනි ව්‍යවහාර මුදල් ඒකකයක් අප්‍රිකානු මහද්වීපයට හඳුන්වාදීමට ඔහු දැරූ උත්සාහය ද හේතු වූ බව මීට පෙරද විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබිණ.



One thought on “ලෝකයට නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්න ගඩාෆි උත්සාහ කළා… ඊට පෙර ගඩාෆිව මරා දැමුවා – උගන්ඩා ජනපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්”

  1. This is so true, NATO still not completely given up to stop BRICS, hence the only reason keep them not interfere the process is the countries that are involved are economically and military sufficient powerful countries.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More