දේශීය පුවත්

එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ.

එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්වී BRICS සන්ධානය 2009 වසරේ ජුනි මාසයේ දී ආරම්භ කළ අතර, 2010 වසරේ දී දකුණු අප්‍රිකාව ද BRICS සමග එක්වූ අතර මේ වනවිට එය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකේ.

2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරණ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමේ අරමුණින් මෙම සංවිධානය බිහිවිය.

BRICS සන්ධානය විසින් හඳුන්වා දෙන මෙම මුදල් ඒකකය, ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් ඉහළ වටිනාකමකින් යුතු මුදල් ඒකකයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් BRICS සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.

ඒ අනුව, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව, බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබේ.

එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

එළඹෙන අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවැත්වීමට නියමිත BRICS සමුළුවේ දී නව මුදල් ඒකකය හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

 



One thought on “ඩොලරයේ ආධිපත්‍ය බිඳවැටේ… ලෝකයට නව මුදල් ඒකකයක්”

  1. Excellent idea, what a great economical strategy to end the dominance of the US dollar without getting in to a war with BRICS which hey have ripping countries for decades.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More