උතුරු හා නැගෙනහිර සාමාන්‍ය ජනතාව අතර පුරාවිද්‍යා උරුමය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී නොමැති බවත්, ගැටලු ඇතිකරමින් සිටින්නේ එම පළාත්වල ඇතැම් දේශපාලකයන් බවත්, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
එමෙන්ම එම පළාත්වල ඉතිහාසඥයින් ද ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය විකෘති කරමින් සිටින බවද ඒ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
යුද්ධයෙන් පසු උතුරු හා නැගෙනහිර පළාත්වලට ගොස් එම පළාත්වල පුරාවිද්‍යා උරුමයන් සුරක්ෂිත කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගත් බවද, විශේෂයෙන්ම මෙහිදී කුරුන්දි විහාරය අතිශයෙන්ම වැදගත් බෞද්ධ පුරාවිද්‍යා උරුමයක් ලෙස අවධානය යොමුකරමින් එය සුරක්ෂිත කිරීමට පියවර ගත් බවද ඔහු පවසයි.
කුරුන්දි විහාරය HCP බෙල් මහතා විසින් මෙන්ම සෙනරත් පරණවිතාන මහතා විසින් ද අතිශය වැදගත් පුරාවිද්‍යා උරුමයක් ලෙස හඳුනාගෙන තිබූ බවද ඒ මහතා හෙළිකරයි.
එමෙන්ම සත්‍ය කරුණු විකෘති කරමින් උතුරේ දමිළ ජනාවාස එය ක්‍රි.පු. 08 වන සියවස දක්වා පැරණි බව දැක්වීමට ඇතැම් කණ්ඩායම් උත්සහ කිරීම කණගාටුදායක බවද ඔහු පෙන්වා දෙයි.
ඇතැම් පුරා විද්‍යාත්මක කැණීම් වල ප්‍රතිඵල ජනතාවගෙන් වසන් කරන තත්වයන් ද මතුව ඇති බවද පෙන්වා දෙන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ පොළොන්නරුව ශිව දේවාලයේ සිදුකළ කැණීම් වලදී ඊට යටින් පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථානයක නටබුන් මතු වූ බවයි.
නමුත් මෙම කැණීම් වල ප්‍රතිඵල ජනතාවට අනාවරණ කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බවත් මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...