ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා එළැඹෙන සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 20 වන දා නිල සංචාරයක් සදහා නවදිල්ලියට යෑමට සැලසුම් කර ඇති අතර, මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් එක්වීමට නියමිත බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...