භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.
භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතින අතර භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පිරිසක් මුගුරුවලින් පහරදෙනු එම වීඩියෝවේ අන්තර්ගතව ඇත.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ නීතිය අතට ගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අද (7) නියෝග කළ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...