දේශීය පුවත්

අද (08) අලුයම් කාලයේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨ දෙවැනි වසරේ සිසුවකු සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් සිසුවාගේ උත්සාහය අසාර්ථක වී ඇති අතර, ඔහු පේරාදෙණි රෝහලට ඇතුළු කර ඇති බව සඳහන් ය.

අලුයම එකට පමණ සේනක බිබිලේ පිරිමි නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයක් තුළ දී ඔහු මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර, එය අසාර්ථක වී සිසුවා බිම ඇද වැටී ඇති බවත් තුවාල වූ සිසුවා ව සෙසු සිසුන් විසින් රෝහල්ගත කර ඇති බවත් වාර්තා වී ඇත.

සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ, මඩකලපුවේ පදිංචි අවුරුදු 25ක සිසුවෙකි.

මේ පිළිබඳ පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී ඩබ්.ඒ.ඒ. වෙරහැර මහතා පවසන්නේ අදාළ සිසුවාට විශ්වවිද්‍යාලයේ සිදු කළ ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් එල්ල වී තිබුණ බව ය.

වට්සප් සමූහයකින් කනිෂ්ඨ සිසුන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ ජංගම දුරකථනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂාවට ලක් කළ බවත් එම චෝදනා පරීක්ෂණවලින් ඔප්පු වී ඇති බවත් විනය නිලධාරියා පවසයි.

ඊට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (07) දිනයේ දී සිසුවා ව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්ත්මේන්තුවට කැඳවා ඇති අතර, එහි දී සිසුවාට යම් අඩන්තේට්ටම් හෝ පහර දීමක් සිදු වී ඇති බවට ආරංචි ලැබී ඇති බව විනය නිලධාරියා සඳහන් කළේ ය.

මේ පිළිබඳ පේරාදෙණි සරසවි සිසුන් සමාජ මාධ්‍යය තුළ පළ කර තිබුණේ වෙනත් අදහසකි.

එක් අවස්ථාවක අදාළ සිසුවා ව විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිරයට කැඳවා සී.අයි.ඩී නිලධාරින් විසින් පිස්තෝලයක් පෙන්වා සිසුවා ව බිය ගන්වා ඇති බව එහි සඳහන් විය.

මේ ගැන විමසීමක දී විනය නිලධාරිය පැවසුවේ, එක් අවස්ථාවක සී.අයි.ඩී නිලධාරින් එසේ පැමිණි නමුත් ඔවුන් ආයුධ රැගෙන එහි නො පැමිණි බව ය.

පේරාදෙණි සරසවිය තුළ සිය දිවි නසා ගත් සිසුන් පිළිබඳ මීට පෙර අවස්ථා ගණනාවකදී ම වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More