දේශීය පුවත්

නෙදර්ලන්තයේ පක්ෂ හතරේ පාලක සභාගයට සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට නොහැකි වීමෙන් පසු නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් ඊයේ (07) සිය ඉල්ලා අස්වීම රජුට භාර දුන්නේය.ඒ අනුව නව මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු භාරකාර අමාත්‍ය මණ්ඩලය එම ධුරයේ කටයුතු කරනු ඇත.

“සංක්‍රමණය ප්‍රධාන දේශපාලන හා සමාජ ප්‍රශ්නයක්,” රූට් ඊයේ (7 ) සවස හේග් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය. “මේ වන විට අපට සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.ඒ අනුව සභාගය යටතේ ඇති දේශපාලන සහයෝගය අතුරුදහන් වී ඇති බව අපි සාමූහිකව තක්සේරු කරනු ලැබුවා.”

“සභාග සාමාජිකයින් හතර දෙනාට සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එකිනෙකට ප්‍රස්පර අදහස්  තිබෙනවා.අද(07) අවාසනාවකට මෙන්, මෙම වෙනස්කම් සමථයකට පත් කළ නොහැකි බව අපට නිගමනය කළ යුතු වූවා”

රජයේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් Willem-Alexander රජුට දන්වා ඇත.එළඹෙන නොවැම්බරයේදී බොහෝදුරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය තෙක් ගතවන කාලය මාර්ක් රූට් භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට නියමිතය.

ඊයේ(7) පැවැති සභාග රැස්වීමේ ප්‍රධාන මතභේදය වූයේ දැනටමත් නිවාස හිඟයකට මුහුන දී සිටින මිලියන 18 ක් වන සරණාගතයින් සහ අවතැන්වූවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ යෝජනාවයි. මාර්ක් රූට් ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජනතා පක්ෂය ( People’s Party for Freedom and Democracy (VVD) ) සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අවශ්‍ය වූයේ දැනටමත් රට තුළ සිටින සරණාගතයින් සමඟ පැමිණිය හැකි ඥාතීන් සංඛ්‍යාව වසරකට 200ක් ලෙස සීමා කිරීමටත්, යුද සරණාගතයින් සහ දේශපාලන පීඩාවලින් පලා යන අය සඳහා වෙනම කාණ්ඩයක් නිර්මාණය කිරීමටත්ය.එහෙත් අනෙක් හවුල්කරුවන් දෙදෙනා වන D66 සහ ක්‍රිස්තියානි සංගමය “සරණාගතයන්ගේ සහ අවතැන්වූවන්ගේ පවුල් බිඳ දැමීමට” විරුද්ධ විය.

නෙදර්ලන්තයට 2022 දී සරණාගත අයදුම්පත් 46,000 ක් ලැබී ඇති අතර, රජය විසින් මෙම වසරේ 70,000 ක් තරම් සරණාගතයින් ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය මීට පෙර 2015 වර්ෂයේදී වාර්තා වූ ඉහළම අගයට වඩා වැඩි ය. නෙදර්ලන්තය යුක්‍රේනියානුවන් 95,000 ක් පමණ “තාවකාලික ආරක්ෂාව” යටතේ 2025 මාර්තු දක්වා රඳවා තබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.

මාර්ක් රූට් විවිධ පාලක සභාග හතරක පාලනයක් ගෙන යමින් 2010 ඔක්තෝම්බර් මාසයේ සිට නෙදර්ලන්තයේ අගමැති ලෙස කටයුතු කරනු ලැබීය. ලන්දේසි දේශපාලන ඉතිහාසයේ සිදු දීර්ඝතම සාකච්ඡාවලින් පසුව, 2022 ජනවාරි මාසයේදී මෑතකාලීනයේදි සිදුවූ අවසන් එකමුතුව ගොඩ නැගීමට මාර්ක් රූට් කටයුතු කළේය. මන්ත්‍රීවරුන් 150කින් සමන්විත නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ ආසන 77ක් පමණක් ලබාගනිමින් පක්ෂ හතරකින් යුත් සන්ධනය සිය අවසානය සනිටුහන් කළේය.

“දැන් ඉක්මන් මැතිවරණයක්”, රූට්ගේ නිවේදනයෙන් පසුව නිදහස් පක්ෂයේ නායක ගීර්ට් විල්ඩර්ස් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. හරිත වාම පක්ෂයේ නායක ජෙසී ක්ලේවර් නව පාර්ලිමේන්තුවක් සඳහා ද ඉල්ලා සිටියේ,නෙදර්ලන්ත රජයේ මාධ්‍ය ආයතනයක් වන NOS වෙත අදහස් දක්වමින්  රටට “දිශානතියේ වෙනසක් අවශ්‍ය” බව පවසමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More