දේශීය පුවත්

ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කර වූ බව කියන ඇමරිකානු ජාතිකයකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොහු මහනුවර අවන්හල පරිශ්‍රයේ සිට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට කටයුතු කර ඇති අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අවසර නොදෙන තත්ත්වයක් තිබිය දී මෙම විදේශීය ජාතිකයා ඩ්‍රෝන කැමරාව දළදා මාලිගා පරිශ්‍රයට යොමුකර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීමේ රේඩාර් පද්ධතිය මීරිගම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර දළදා මාලිගා පරිශ්‍රයට කවුරුන් හෝ ඩ්‍රෝන කැමරාවක් යොමු කරනු ලැබුවහොත් එය අක්‍රීය කිරීමට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණීමට අවශ්‍ය බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, අවසර ලබා දීමක් සිදු නොකළ ද දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරා යැවූ විවිධ පුද්ගලයන් පිළිබඳව පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More