දේශීය පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.

ලියුකේමියා රෝගයට ගොදුරු වූ පුංචි දරුවන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට මෙම යන්ත්‍රයෙන් දිනකට ප්‍රතිකාර සිදුකෙරුණු අතර, මේ වන විට එම කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවන්ට අමතරව පොරොත්තු ලේඛනයේ තවත් බොහෝ පිළිකා රෝගි දරුවන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට සිටින බව ද සඳහන්ය.

ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර එම දරුවන්ගේ භාරකරුවන්ද මේ වනවිට මහත් මානසික පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More