දේශීය පුවත්

නව මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මස 11 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් මතුවූ විරෝධතා හේතුවෙන් කල් දැමීය.

නව මහ බැංකු පනත් කෙටුම්පත මගින් මහජන පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබූ අතර, අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මහ බැංකු පනත් කෙටුම්පත වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව නව කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට  ලිපියක් ද බාර දී තිබිණි.

එමෙන්ම ජාතික සංවිධානවලින් ද මෙම පනත් කෙටුම්පතට එරෙහිව දැඩි විරෝධයක් ද මතුවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More