දේශීය පුවත්

පසුගිය 5 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදී කළ රසායනාගාර පරීක්ෂණයකින් පසුගිය 02 වනදා ධවල මන්දිරය පිහිටි භූමියේ තිබී සොයාගත් කුඩු වර්ගය ඇත්ත වශයෙන්ම කොකේන් බව මූලික වශයෙන් තහවුරු වූ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. කොකේන් මත්ද්‍රව්‍ය ධවල මන්දිරයේ බටහිර පර්යන්තයට ගෙන ආවේ කෙසේදැයි රහස්‍ය සේවා සහ FBI නිලධාරින් මේ වන විටත් විමර්ශනය කරමින් සිටිති. නමුත් සමහර රහස්‍ය සේවා නිලධාරීන්ට අනුව ධවල මන්දිරයේ බටහිර පර්යන්තයට කොකේන් රැගෙන ආ ආකාරය කිසිදිනක එළිදරව් නොවීමටද ඉඩ ඇත.

නිල ඇඳුමින් සැරසුණු රහස් සේවා නිලධාරීන් පසුගිය 02 දා ඉලෙක්ට්‍රොනික උපකරණ ගබඩා කරන ලොකරයක තිබී “කුඩා, සිපර් බෑගයක්” සොයා ගනු ලැබු අතර එම ස්ථානයේ භූමියේ වැටී තිබූ සුදු පැහැති කුඩු වර්ගයක්ද සොයා ගන්න ලදී. ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ඒවා මොනවාදැයි හඳුනා ගන්නා තෙක් එම ප්‍රදේශයෙන් පුද්ගලයන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. පසුව කරන ලද විද්‍යාගාර පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵල වලින් එම කුඩු වර්ගය කොකේන් ලෙස තහවුරු වූ බව “මත්ද්‍රව්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුමක් ඇති නිලධාරියෙක්” NBC පුවත් සේවය වෙත පැවසීය.

පොලිටිකෝ වෙබ් අඩවිය, මෙවැනි විමර්ශන සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නිලධාරියෙකු උපුටා දක්වමින්, බෑගයේ හිමිකරු සොයා ගැනීම “ඉතා දුෂ්කර” බව පැවසීය. බෑගය කිසිදු නිරීක්ෂණ කැමරාවකට හසුවී නොතිබිය හැකිවාක් මෙන්ම ලොකරය ස්ථානගත කර තිබූ ප්‍රදේශය ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය මෙන්ම අමුත්තන් නිතර ගැවසෙන ගැවසෙන ප්‍රදේශයක් බවද එම නිලධාරියා අනාවරණය කළේය.

“එම මාර්ගය කාර්ය බහුල මාර්ගයක්. මිනිසුන් නිතරම එහි ඔබ මොබ ඇවිදිනවා,” නිර්නාමික නිලධාරියා පැවසීය. කෙසේ වුවද පොලිටිකෝ වෙබ් අඩවිය මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් විස්තර කළේ “ඉහළ ජාවාරම්” සිදුවන ප්‍රදේශයක් ලෙසය.

ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පවුලේ අය සති අන්තයේ Camp David හි ගත කල බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean-Pierre වාර්තාකරුවන්ට පැවසීය.මේ වනවිට රහස් ඔත්තු සේවය සහ එෆ්බීඅයි විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇත.

කොකේන් යනු එක්සත් ජනපද අපරාධ නඩු විධාන සංග්‍රහයේ දෙවන උපලේඛනයේ නිර්වචනය කර ඇති මත්ද්‍රව්‍යයකි. වෛද්‍යවරයෙකුගේ ඖෂධ වට්ටෝරුවකින් තොරව සන්තකයේ තබා ගැනීම අමෙරිකානු නීතියට අනුව නීති විරෝධී වේ. ඩෙලවෙයාර් ප්‍රදේශයේ පරිගණක අළුත්වැඩියා කිරීමේ සාප්පුවක අතහැර දැමූ ලැප්ටොප් පරිගණකයේ තිබූ වීඩියෝ සාක්ෂි සොයා ගැනීමෙන් පසුව, ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් කොකේන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව තහවුරු වී ඇතැයි පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More