දේශීය පුවත්

රට තුළ නැවතත් අර්බුදයක් ඇති කිරීමට කණ්ඩායමක් කටයුතු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (ජූලි 6දා) හෙළිකර තිබේ.

මෙම කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් පසුගිය සතියේ මහනුවර, ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයකදී වැඩමුළුවක් පවත්වා ඊට සහභාගි වූවන්ට විරෝධතාවකදී හමුදාව හා පොලිසියට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී ඇති බව ද ඔහු පවසයි.

විරෝධතාකරුවන්, හමුදාව හා පොලිසියට විරෝධතාවකදී ප්‍රතිචාර දැක්වීම හා කඳුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවීමක් මෙහිදී සිදු කර ඇති බවත්, රට අස්ථාවර කිරීම සඳහා විවිධ කණ්ඩායම් ඉදිරියේදී වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු කිරීමට යන බවත්, එම බුද්ධි වාර්තා පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැවැන්ත අර්බුදයකට මුහුණ දීමෙන් පසු රට නැවත යථා තත්ත්වයට පත්වීම වැළැක්වීමට මෙම කණ්ඩායම් උත්සාහ ගන්නා බවද මේ සියලු කණ්ඩායම්හි ක්‍රියාකාරකම් බුද්ධි අංශය නිරන්තරයෙන් අවේක්ෂණය කරන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More