රන්ජන් රාමනායක මහතා විසින් මෙරට භික්ෂූන් වහන්සේලා අපකීර්තියට පත්කරමින් උන්වහන්සේලා පිළිබඳව සැක සංකා මතුකරමින් මෙරට ගොඩනැගෙන බෞද්ධ වෙහෙර විහාර ගොඩනැගීම නතර කිරීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
මාගල්කන්දේ සුදත්ත හිමියන්ට එරෙහිව රන්ජන් රාමනායක මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ උන්වහන්සේව අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපාරක් දියත් කර ඇති බවත්, බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමට ලැබෙන ධනය පිළිබඳව චෝදනා කරමින් එම කටයුත්ත සිදුකරන බවත් උන්වහන්සේ චෝදනා කරති.
මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම සඳහා භික්ෂුන් වහන්සේලා සිදුකරන කැපකිරීම හෑල්ලුවට ලක්කරමින් විවිධ අවලාද නගමින් රන්ජන් රාමනායකලා නිරතවී සිටින්නේ බෞද්ධ වෙහෙර විහාර ගොඩනැගීම නතර කිරීමේ මෙහෙයුමක බවත් උන්වහන්සේ අනාවරණය කරති.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...