ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් නව පනත් කෙටුම්පතට අදාළ කරුණු පැහැදිලි කළ සිසිර ජයකොඩි මහතා පවසන්නේ ඒ අනුව ආයුර්වේද කොමසාරිස්වරයා විසින් ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පනවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,
“නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...