දේශීය පුවත්

නතාෂා එදිරිසූරියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

ඒ, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට අදාළව ය.

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන නතාෂා එදිරිසූරිය තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (ජූලි 5) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

කෙසේ වෙතත්, ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (ජූලි 5) දහවල් කොළඹ අංක 4 මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී ඇය ඇප මත මුදාහැරිණි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර තිබිණි.

සැකකාරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය කනගාටුවට පත්වන බව ප්‍රකාශ කිරීම ද යම්කිසි අයෙකුට හෝ යම්කිසි කණ්ඩායමකට අපහසුතාවක් සිදු වූයේ නම් ඇය ඕනෑ ම අවස්ථාවකදී ඕනෑ ම තැනකට පැමිණ සමාව අයැදීමට සූදානම් වන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වීම ද නීතිපතිවරයා සැකකාරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොදැක්වීම යන කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කරන බව විනිසුරුවරයා දැනුම් දී තිබිණි.

ඒ අනුව, අදාළ නියෝගය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියම කරන තිබිණි.

සමාජය කැළඹීමට තරම් චරිතයක් අදාළ වගඋත්තරකාරිය සතුව තිබුණේ ද යන්න ප්‍රශ්නය මතු කරමින් මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා පළ වන තෙක් වගඋත්තරකාරිය පිළිබඳව සමාජය දැන නොසිටි බව ද ඇයගේ ම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම පිළිබඳවද කරුණු ඉදිරිපත්ව නොමැති බව ද විනිසුරුවරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබිණි.

ඇගේ ප්‍රකාශයෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් වී නොමැති අවස්ථාවක මෙවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව දණ්ඩනීති සංග්‍රහ පනත යටතේ සලකා බැලිය යුතු බව ද පෙන්වා දී තිබුණු විනිසුරුවරයා අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත මානව හිමිකම් තහවුරු කිරීම සඳහා ස්ථාපනය කර ඇති බැවින් කිසියම් ප්‍රබල පුද්ගලයෙකු පැමිණිලි කළ පමණින් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ ද යන්න සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය හමුවේ ප්‍රශ්න කෙරිණි.

වගඋත්තරකාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම තැනැත්තිය මෝඩාභිමානය නමින් වැඩසටහන් 3ක් පවත්වා ඇති බවත්, තුන් වෙනි වැඩසටහන ඇය යොදාගෙන ඇත්තේ බුදු දහමට අපහාස කිරීම සඳහා බවත්ය.

ඇය ආගම ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවත්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය 2017 වසරේ සිට විෂාදය නමැති රෝගයට ප්‍රතිකාර ගෙන අති බව හා සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවකින් පෙලී ඇති බව පරීක්ෂණවලින් පෙනීගොස් ඇති බවද දිලීප පීරිස් මහතා මෙහිදී පවසා තිබේ.

මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීම තෙරම් භයානක දැයි ඒ මහතා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More