දේශීය පුවත්

අතීතයේ දීත් මෙරට අල්ලා ගැනීමට කිසිවෙකුට නොහැකි බවට වූ මතයක් විවිධ රටවල පැතිරී තිබුණු බවත්, එයට ප්‍රධානම හේතුව වූයේ මහා සංඝරත්නය හා බැඳුනු ගිහි බලවේගය සහ සිංහල සංස්කෘතිය බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මායාකාරියක් විනාශ කිරීමට උත්සාහ දැරු පිරිසකට එම මායාකාරිය විනාශ කළ නොහැකි වූ විට සාස්තරකරුවෙකුගෙන් ඒ පිළිබඳව විමසීමේ දී ඔහු පවසා ඇත්තේ මායාකාරියගේ පණ සඟවා ඇත්තේ  ගසක සිටින ගිරවකු තුළ බවත්, ‘ගිරවා අල්ලලා මරපල්ලා‘ යැයි ඔහු පැවසූ පසු ගිරවා අල්ලා මරාදැමීමෙන් මායාකාරිය මියගිය බවත්, එම කතාව මේ රට විනාශ කිරීමට නොහැකි කාරණය ස්මතු කරන කතාවක් බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන්කර සිටියේ සේන තෝරදෙනිය මහතා විසින් රචිත “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ මූලාසන කතාව සිදුකරමිනි.

මහා සංඝරත්නය සිටින තාක් මේ රට කිසිවෙකුට විනාශ කිරීමට ඉඩ නොදෙන බවද, මෙරට මහා සංස්කෘතිය විනාශ කරමින් රට වනසා දැමීමට නොයෙකුත් උපක්‍රම දියත්වන බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී. අද සිදුවෙමින් පවතින්නේ රට විනාශ කිරීමට නොහැකි බාධක ලෙස හඳුනාගෙන ඇති බෞද්ධ භික්ෂූන්වහන්සේලා, බෞද්ධ ආගම හා සංස්කෘතිය විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුමක් බව ද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More