දේශීය පුවත්

එක අලියෙක් පිට රටකට ගෙන ගිය පසු ඒ සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට උත්සහ කරන පිරිස මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වචනයක් හෝ කතා නොකරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

පෙරහර නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා පෙරහරේ වැඩිපුර අලි ඇතුන් දකින්නට කැමැති වුණත් මේ අලි පෙරහරට කොහෙන්ද කියන කාරණය සම්බන්ධව වැඩි පිරිසක් අවධානය යොමු නොකරන්නේ යැයි ද උන්වහන්සේ සඳහන් කරති.

මහනුවර දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී ඊයේ (05) පැවැති පෙරහර සාකච්ඡාවේ දී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

එහි දී උන්වහන්සේ මෙසේද පැවසීය,

“මේ වනවිට අපේ රටේ පෙරහර සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට නොයෙකුත් බාධා මතුවෙමින් තිබෙනවා. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හීලෑ අලි ඇතුන්ගේ හිඟය. අලි බලන්න හිතාගෙනම පෙරහරට එන අය ඉන්නවා. ඒත් අලි ඇතුන් අපිට කොච්චර ඉන්නවාද කියලා හොයන්න කවුරුවත් නැහැ. පෙරහරේ අලි වැඩිය ඉන්නවා නම් හොඳයි සතුටුයි කියන්න තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලි 100 ක් 200 ක් පෙරහරේ ගියොත් තමයි පෙරහර හොඳයි කියන්නේ. නැටුම් නැතත් පෙරහරේ අලි බලලා සතුටු වන මිනිස්සුත් ඉන්නවා.

පෙරහර වලට ගෙනියන්න තරම් ලංකාවේ අලි ඉන්නවාද කියන කාරණය සම්බන්ධයෙන් රටේ ජනතාවට අවබෝධයක් නැහැ. එක අලියෙක් පිටරටකට අරන් ගියාම කෑගහන්න, කඳුළු හෙළන්න හුඟක් අය ඉන්නවා. මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පිරිසක් නැහැ. ඒවා ගැනත් අපි හිතන්න ඕන. සතර දේවාල පෙරහර වලට අලි නැහැ. රජය වුණත් මේවා අවධානය යොමු කරන්න ඕන.

අපේ සංස්කෘතිකාංග බිඳ දමන්න, සංස්කෘතිය වෙනස් කරන්න, සෝදාපාළුයට ලක් කරන්න නොයෙක් සංවිධාන ක්‍රියා කරන්න පුළුවන්. ඉතිහාසය පුරා රැකගත් චාරිත්‍ර ධර්ම ඒ වගේම බෞද්ධ මුහුණුවර, බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා නොවුනොත් මේ රටේ ශාසනය, බුද්ධ ධර්මය, බෞද්ධ චාරිත්‍රය ඉදිරියට පවත්වාගෙන යෑම දුෂ්කරයි. මේවා ගැන අපි හැමෝම අවධානය යොමුකළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More