දේශීය පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නැගෙනහිර ආසියාතිකයන්ගෙන් බටහිරයන් අනුකරණය නොකරන ලෙස ජපානය සහ දකුණු කොරියාව සමඟ තුන් ඈඳුතු සංසදයේදී කලාපීය ඒකාබද්ධතාව වැඩිදියුණු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා ඇති බව වාර්තාවේ.

“චීන, ජපන් හෝ කොරියානු ජනතාව එක්සත් ජනපදයේ සංචාරය කරන විට, ඇමරිකානුවන්ට අපව චීන ජපන් කොරියන් කියා වෙන් කර ගැනීමට පවා නොහැකියි.” වැන්ග් යී ප්‍රකාශ කළේය. “අපි යුරෝපයේ සංචාරය කළත් තත්වය නිසැකවම අමෙරිකාවට සමාන වෙනවා.”

චීන මාධ්‍ය විසින් ප්‍රචාරය කරන සංසදයේ අවස්ථා ඇතුලත් වීඩියෝවකට අනුව, “අපි අපේ හිසකෙස් සුදු කළත්, අපගේ නාසයට සෘජු පෙනුමක් ලබා ගැනීමට ශල්‍යකර්මයක් සිදු කළත්, ඈත පෙරදිග කලාපය නිජ බිම කරගත් මිනිසුන්ට යුරෝපීයයන් හෝ ඇමරිකානුවන් බවට පත්විය නොහැකි” බව වැන්ග් තර්ක කළේය. “අපි අපේ මූලයන් දැනගත යුතුයි,” ඔහු වැඩිදුරටත් අවධාරණය කලේය.

චීන ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයා චීන රජයට බටහිර ගැති ජපාන සහ දකුණු කොරියානු ආණ්ඩු සමඟ සමීප සහයෝගීතාවයක් තිබිය යුතු බව කියා සිටිමින්,එම සහයෝගීතාවය චීනයේ පොදු අරමුණු සහ චීන ජනතාවගේ අභිලාෂයන් සපුරාලීම පමණක් නොව කලාපයට සහ ලෝකයටම ප්‍රතිලාභ ලබා දෙන පෙන්වා දුන්නේය.
චීනයේ Shandong පළාතේ Qingdao හිදී පසුගිය 03 වනදා පැවති තුන් ඈඳුතු සහයෝගීතාවය සඳහා වූ වාර්ෂික ජාත්‍යන්තර සංසදයේ සංවාද මණ්ඩපයක් අතරතුර මෙම ප්‍රකාශයන් රූගත කරනු ලැබ තිබුණි.

සීඑන්එන් වැනි සමහර බටහිර මාධ්‍ය මෙම වීඩියෝව වාර්තා කළේ, වැන්ග් යී “වාර්ගික ප්‍රකාශ” කළ බවට චෝදනා කරමිනි. එහෙත් ඔහුගේ ප්‍රකාශයන් බටහිර ආකල්ප සහ බටහිරයන් සනසාලීමේ උත්සාහයන් විවේචනය කිරීමක් බව සඳහන් නොකරීමට කටයුතු කර තිබුණි.

බටහිරට එරෙහිව නැඟෙනහිර ආසියාතිකයන් අතර ගොඩනැගිය යුතු වාර්ගික සහයෝගීතාව සඳහා වැන්ග්ගේ පැහැදිලි කිරීම් කෙරෙහි අවධානය යොමු කළ එක් “පණ්ඩිතයෙක්” මෙසේ පැවසීය: “ අධිරාජ්‍යවාදී ජපානය ක්‍රමයෙන් පුළුල් වෙමින් ‘ නැගෙනහිර ආසියාවේ දැවන්ත සමෘද්ධිමත් ද්‍රැවයක්’ නිර්මානය කළේ අවසානයේ ජනවර්ග අතර එකිනෙකාට ජයග්‍රහණයන් සමව බෙදීයන ලෙස වාර්ගික විමුක්තිය හැඩතල ගන්වමිනි. ”

දෙවන ලෝක සංග්‍රාමය දෙස ආපසු හැරී බැලීමේදී පෙනෙන්නට තිබෙන්නේ චීනය සහ කොරියාව ඇතුළු ආසියාවේ යටත් කරගත් ප්‍රදේශවල ජපන් වාර්ගික පවිත්‍රකරණය සම්බන්ධයෙන් ලොවට හෙළිදරව් වූයේ සෝල්හි හන්කුක් විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ ඊසානදිග ආසියානු ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශේෂඥයෙකු වන ජොයෙල් ඇට්කින්සන් විසින් කළ අධ්‍යනයක් නිසාය. ම්ලේච්ඡ ක්‍රියා “බටහිර බලපෑම නව ජපන් ආධිපත්‍යයක් සමඟ ප්‍රතිස්ථාපනය කිරීමේ” උත්සාහයක් බව ඔහුගේ අධ්‍යනය තුළ පෙන්වා දුන්නේය.

දිගුකාලීන ඓතිහාසික දුක්ගැනවිලි නොතකා, චීනය මූලෝපායික ප්‍රතිවාදියෙකු ලෙස සලකන එක්සත් ජනපදයේ සහචරයින් වන ජපානය සහ දකුනු කොරියාව සමඟ සමීප මිලිටරි සබඳතා පවත්වයි.අමෙරිකානු සහචරයින් දෙදෙනා වන ජපානය සහ දකුනු කොරියාව  දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු හමුදාවලට ඔවුන්ගේ භූමියේ සත්කාරකත්වය ලබා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More