දේශීය පුවත්

ලංකා බැංකුවට අයත් BoC Travels (pvt) Ltd ගුවන් ප්‍රවේශ පත්‍ර විකිණීමේ නියුතු සමාගම ඉතා සූක්ෂම ලෙසින් හොර රහසේ විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග හෙළිකරයි.

මෙම සමාගම 1990 දී Ceybank Travel Center ලෙසින් ලංකා බැංකුවේ ශාඛාවක් ලෙසට  ආරම්භ වී 1995 දී ලංකා බැංකුවට 100 % ක් හිමිකාරීත්වය ඇති සමාගමක් බවට පත් ව තිබේ.

මෙම  BoC Travels (pvt) Ltd රාජ්‍ය සමාගමේ  සේවකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් සේවය කරන අතර ශ්‍රී ලංකාවේ දැනට තිබෙන  විශාලතම ගුවන් ටිකට්පත් නියෝජිත සමාගම් කිහිපයෙන් එකකි.

විශේෂයෙන්ම රජයේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ඒකාධිකාරය හිමිව ඇත්තේ මෙම සමාගමටය.

ඉතා විශාල වාර්ෂික ආදායමක් සහ ලාභයක් උපයන මෙම සමාගම විකුණා දැම්මට කිසිදු සාධාරණ හේතුවක් නැති නමුත් එය මිලදී ගැනීමට මේ වන විටත් ගැනුම්කරුවන් පෙළ ගැසී ඇති බවත් වාර්තා වේ.

කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ අනුදැනුම මත මෙම රහසිගත විකිණීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බවත් සඳහන්ය.

රාජ්‍ය ආයතන විකිණීමට අදාළව පිහිටුවා ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයතනයේ ක්‍රමවේදයයන්  වලටද පරිබාහිරව ඉතා රහසිගත ආකාරයට මෙම විකිණීමේ ක්‍රියාවලිය  සිදු කරනු ලබන්නේ ලංකා බැංකුවේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ බවට ද තොරතුරු හෙළි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More