ඊයේ (05) දිනයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
මේ අතර, පසුගිය මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණි.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩුකර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...