දේශීය පුවත්

මෙරට සිදුවූ අරගලය නමින් හඳුන්වන සිදුවීම පිටුපස තිබූ සැබෑ කතන්දරය හඳුනා ගැනීම හා හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, මෙම සිදුවීම නිවැරදි සාක්ෂි, සාධක සහිතව හඳුනාගැනීම රටේ අනාගත වර්ධනයන්ට පිටිවහළක් වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

එසේ නොවුනහොත් මෙරට ඉතිහාසයේ විශාල හිස්තැනක් ඉතිරිවන බවත් ඒ මහතා පවසයි.

මොහාන් සමරනායක මහතා මේ බව පැවසුවේ සේන තෝරදෙනිය මහතා විසින් රචිත “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දීය.

රටේ රාජ්‍ය නායකයාගේ නිවසට බලහත්කාරයෙන්  විරෝධතාකරුවන් කඩාවැදීම ඇතැම් මාධ්‍ය ආයතන හඳුන්වා තිබුනේ ජනතා නැගීසිටීමක් ලෙස යැයිද, මන්ත්‍රීවරයකු මහමග දී ඉති අමානුෂික අයුරින් ඝාතනය කිරීම ද ඇතැම් මහාචාර්යවරුන්ට, නීතිඥයන්ට අනුව ජනතා නැගීසිටීමක් වූ බවද ඒ මහතා පවසයි.

රටක නායකයකු ජනතාව විසින් තෝරා පත්කර ගන්නේ අවශ්‍ය විටදී බලය පාවිච්චි කිරීම සඳහා මිස ශාන්තිවාදී පාරමිතාව පිරීමට නොවන බවත්, බලය රාජ්‍යයේ අනිවාර්ය අංගයක් බවත් මොහාන් සමරනායක මහතා පවසයි.

එහෙත් බලය පාවිච්චි කර විරෝධතාකරුවන් ගෝලෆේස් භූමියෙන් ඉවත් කිරීම ද ඇතමුන් හැඳින්වූයේ වැරදි සහගත ලෙස බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More