මෙරට තුළ ක්‍රියාත්මක වූ ගෝල්ෆේස් අරගලයේ මූලික අරමුණ වූයේ රට අරාජික කර අමෙරිකානු හමුදාවකට මෙරට දොරටුව විවරකර දීම බවත්, මෙය අමෙරිකාවේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වූ බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ සේන තෝරදෙනිය මහතා විසින් රචිත “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දීය.
අමෙරිකාවේ මෙම දීර්ඝ කාලීන වැඩපිළිවෙල MCC වැනි ගිවිසුම් හරහා ද හෙලිදරව් වූ බවද, ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණ ඉතා දක්ෂ ලෙස මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චූන් විසින් ඉටුකළ බව ද ගුණදාස අමරසේකර මහතා පෙන්වා දෙයි.
පළවෙනි සැලැසුම අසාර්ථක වූ පසු එම සැලැසුමේම දිගුවක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කිරීම සිදුවූ බවත් ගුණදාස අමරසේකර මහතා පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...