දේශීය පුවත්

පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් ඊයේ(5) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

කැටගොඩ මහතා මෙසේ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සහ නගර සභා සංශෝධන යන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්ය. මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එම යෝජනා ස්ථිර කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන. ඒත් රජය මුදල් නැහැ කියලා කල් දැම්මා. දැන් කපුටගේ ඉල්ලීමක් මත යෝජනාවක් දාලා තියෙනවා. විසුරුවා හැරපු සභාවල මන්ත්‍රීවරු නැවත ගෙන්වන්න කියලා. මේක කරන්නේ කපුටගේ ඒජන්තවරු. කපුටාගේ අවතාර කියනවා ඡන්දය තියන්නේ නැතුව ආපහු මන්ත්‍රීවරු කැඳවන්න කියලා. මොන විහිලුවක්ද. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ කාලවකවානු අවසන් වෙලා තියෙන අවස්ථාවක මේ කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවට විරුද්ධව අපි අධිකරණයට යනවා. කපුටෝ ඉවරයි. කපුටාගේ අවතාර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More