වික්ටෝරියා නූලන්ඩ් විසින් රචනා කළ මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චුන් විසින් දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කළ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්‘ ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය සේන තෝරදෙනිය මහතා විසින් එළි දැක්වූ “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?” ග්‍රන්ථය තුළින් හෙළිදරව් වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දා එළිදැක්වූ “නවය; සැඟවුණු කතාව” තුළින් හෙළිදරව් කර තිබෙන ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳ සත්‍ය තොරතුරු තවදුරටත් විමර්ශනය කරමින් මෙම කෘතිය රචනා වී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චුන් විසින් විමල් වීරවංශ මහතාගේ කෘතිය ප්‍රබන්ධයක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුන ද, ගෝල්ෆේස් අරගලයේ සැබෑ කතන්දරය තවදුරටත් තොරතුරු සහිතව මෙම කෘතිය හරහාද හෙළිදරව් වන බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...