පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “නවය; සැඟවුණු කතාව” එළි දැක්වීමෙන් දින කිහිපයක් හෝ ගතවන්නට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මැතිණිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, “ප්‍රබන්ධ ලෙස හංවඩු ගැසිය යුතු පොතක කර්තෘවරයෙකු වෙමින් එක්තරා මන්ත්‍රීවරයකු පදනම් විරහිත චෝදනා සහ අමූලික බොරු පතුරුවා හැරීම ගැන මම කලකිරීමට පත් වෙමි. වසර 75ක් තිස්සේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම උදෙසා කැපවීම් කර ඇත්තෙමු. එලෙසම අනාගතයේදිද අපි ඒ සඳහා කැපවෙමු.” යනුවෙන් කියා සිටියේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අනුව සිංහල භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඇය එම පණිවිඩය නිකුත් කර තිබුණේ ඉතාමත් කෙටි කාලයක් තුලදීය. ඒ අනුව ඇය වෙනත් පාර්ශවයකගෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලියූ පොතෙහි අදහස තේරුම්ගෙන ට්විටර් පණිවිඩ නිකුත් කර ඇති බව පැහැදිලි බව නිරීක්ෂකයන්ගේ මතයයි.
කෙසේ වුවද සේන තෝරදෙනිය මහතා ලියූ “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?” ග්‍රන්ථය එළි දක්වන මොහොතේම ඇගේ නමටම ඇමෙරිකානු තානාපති කාර්යාලයට එම ග්‍රන්ථය භාර දුන් බව ග්‍රන්ථය එළි දැක්වීම සංවිධානය කළ සංවිධායකයෝ අප වෙත පැවසූහ. එසේ වුවද සේන තෝරදෙනිය මහතාගේ ග්‍රන්ථයට ට්විටර් පණිවිඩයකින් ප්‍රතිචාර දැක්වීමට ජූලි චුන්ග් මැතිණිය මෙතෙක් කටයුතු කර නැත.
ඊට හේතුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් එල්ල කරන චෝදනාව සනාත කිරීම සඳහා තෝරදෙනිය මහතා විසින් දින වකවානු නම් ගම් සහිතව කරුණු හෙළිදරව් කිරීම නිසාද යනුවෙන් විචාරකයෝ ප්‍රශ්න කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...