කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්විනි.
සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මුලසුන දැරූ මෙම උත්සවයේදී, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පිළිගැනීමේ කතාව කරනු ලැබීය. ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රධාන දෙසුම පවත්වනු ලැබූ මෙම උත්සවයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ විශේෂ සමාලෝචනයක් සිදු කරනු ලැබූහ.
මෙහිදී ග්‍රන්ථයේ කර්තෘ සේන තෝරදෙනිය මහතා සිය ග්‍රන්ථය හඳුන්වාදීමේ දේශනය පවත්වමින් ඊනියා ගෝල්ෆේස් අරගලය පිළිබදවත්, මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චූන් ගේ ක්‍රියාකලාපය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මෙය ප්‍රචාරය කළ ආකාරය පිළිබඳවත් හෙළිදරව් රාශියක් සිදුකරන ලදී.
රටේ පැවැතියේ අරාජිකත්වයක් මිස අරාජිකවාදයක් නොවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලද අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය ගෙනගිය ආකාරය පිළිබඳවත් විස්තර කරන ලදී.
ඊනියා අරගලකරුවන් විසින් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳ ඇති ආකාරය දැක්වෙන ඡායාරූපය මෙම කෘතිය සඳහා යොදාගත්තේ මෙම අරගලයේ සත්‍ය කතාව දිගහැරීම සඳහා බවද, නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල සංකල්පය මෙරට තුළ බිහිනොවුනා නම් දුප්පතුන් වෙනුවෙන් මෙරට අධ්‍යාපන අයිතිය සුරක්ෂිත නොවනු ඇති බවද, එසේ වූවා නම් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳින්නට කිසිවෙකුට නොහැකි වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.
ගෝල්ෆේස් ඊනියා අරගලයේ දී මෙරටට පැමිණ වැඩමුළු පැවැත් වූ රියලටි කොමියුනි නම් සංවිධානයේ සුලෙයිමාන් නම් කාන්තාව ජනාධිපති කාර්යාලය ගිණිගෙන දැවෙන අයුරු චිත්‍රයට නගා එහි ප්‍රථිමා බිඳ හෙළිය යුතු බව මතය වැපුරූ බව ද , ටැමිල් නෙට් වෙබ් අඩවිය බණ්ඩාරනායක ප්‍රථිමාව බිඳනොහෙලන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටි බවද, ඊට දින කිහිපයකට පසු බණ්ඩාරනායක ප්‍රථිමාවේ දෑස් බැඳ තිබූ බවද ඒ මහතා හෙළිකරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...