දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවය.
අගෝස්තු 17 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතව ඇත.
අගෝස්තු මස 21 – සිට 25 වනදා දක්වා කුඹල් පෙරහර 26 සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...