ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ලවූ නතාෂා එදිරිසූරිය නම් තැනැත්තිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව, ඇය ජූලි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 5) නියෝග කර තිබේ.
“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...