දේශීය පුවත්

කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්විනි.

සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මුලසුන දැරූ මෙම උත්සවයේදී, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පිළිගැනීමේ කතාව කරනු ලැබීය. ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රධාන දෙසුම පවත්වනු ලැබූ මෙම උත්සවයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ විශේෂ සමාලෝචනයක් කරණු ලැබූහ.

ග්‍රන්ථයේ කර්තෘ සේන තෝරදෙනිය මහතා සිය ග්‍රන්ථය හඳුන්වාදීමේ දේශනය කරනු ලැබීය.ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ- විධායක කමිටුව සහ ජාතික සංවිධාන එකමුතුවේ සමදායකත්වයෙන් මුද්‍රණය කරනු ලැබූ මෙම ග්‍රන්ථය ඊනියා ගෝල්ෆේස් අරගලයෙහි සැබෑ ඇතුලාන්තය හෙළිදරව් කරන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති.

රුපියල් 2000කට මිළ නියම කර ඇති මෙම ග්‍රන්ථය 0718342159 අංකයට දැනුම් දීමෙන් මිළදී ගත හැකි බව ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයෝ ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වෙත පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More