මුහුණු පොතෙන්

වසර 15 ක් ජවිපෙ පූර්ණකාලීනව හිටපු සගයෙක් එවපු සටහන

මට මතක් වුණේ අතීතය. දවස් තුන හතර එකම කමීසය ඇඳගෙන ඒකම හෝද හෝද ඇඳපු ජවිපෙ පූර්ණකාලීන සහෝදරයන් ගැන. ඒ කතාව ඇහුවම අගෙයි බිමල්,` යස අගෙයි“ කියා කීම වරදක් නැත.

බිමල්ට අහේනියක් නැති බව මම දන්නේ අදය. මොකද බිමල් ඇවිත් අපිට පොර ටෝක් දුන්නේ හරියට තිබුන දේ දන් දී ආපු පොරක් ලෙසය. බිමල් ඒ කියන්නේ පහළ සාමාජිකයා අන්දවපු එකයි කළේ. පක්ෂයේ සමහරු හිටියා කසාද බැඳලා ඒත් පූර්ණකාලින දේශපාලනය තෝරාගත්තු අය. හැබැයි උන් හිටියේ් තදබල ලෙස ආර්ථීක අහේනියෙන්ය. ඒවාට උත්තර හැටියට බිමල්ලා කිව්වේ සහෝදරයා මේ ධනේෂ්වර ක‍්‍රමයේ අර්බුදය විසින් අපිව තව තවත් අර්බුදයට යවනවා මිසික් මේකට විසඳුමක් ලැබෙන්නේ නැති බවය. දැන් බලන්න අපි පක්ෂයේ ඉහළ හිටියත් සහෝදරුන්ටත් වඩා දුකක් විඳින්නේ කියමින් පට්ටපල් කෙබර ඇද බාපු බව මට අද වැටහෙන්නේය.

එදා බිමල් ක්ලීන් සූට් ඇඳල AC වාහන වල ඇවිත් පක්ෂයේ දේශපාලන සාකච්ඡුා කරලා විශේෂ කෑම වේලක් කාලා යනකොට අද දීපු පොර ටෝක් අපි එදා පවුල් අතහැරලා, දරුවෝද දුක් විඳිද්දී ඇවිත් දේශපාලනය කරනකොට බිමල්ලා අහේනියකින් ඉඳලා නැත. අද ද අහේනියක් බිමල්ලට නැත. ඒ බිමල්ට ඇති පදම් වියදම් කරන්න මුදල් ඇති නිසාය. මුදල් අතට එන්න බිමල් රැුකියාවක් කරන්නේ ද නැත. අපි අහේනිය වෙනුවෙන් මාසික ආධාරයක් ඉල්ලන්න ගියාමත් ඒවා නොලැබෙන වාර ගණන් අනන්තය. ඒත් බිමල්ලා අහේනියක් නැතුව ඇතිපදම් විය පැහැදම් කරන්න මුදල් ලැබී අත. බිමල් ක්ලීන් ඇඳුම් ඇඳන් එනකොට එකම ඇඳුම හෝද හෝද ඇඳපු එකා දිහා බලලා බිමල් කෝචොක් එකට වෙන්නැති අර දුක් විඳනවා කියලා කෙපර ඇද බෑවේ.

බොහෝ පිරිස් මේ අහේනිය නිසා පක්ෂය අත්හැර යන විට බිමල් එවිටද පොර ටෝක් දුන්නේ බොරුවටය. ඒ කියන්නේ කොයි තරම් පොර ටෝක් දුන්නත් කියපු එක නෙවි ඇත්ත. බිමල් අහේනියක් ගැන දන්නේවත් නැත. ඒ බිමල්ට ඇති වෙන්න සල්ලි ලැබුන නිසාය. බිමල් අහේනියෙන් හිටියා යැයි හිතපු අපිට දැන් ඉතිරිව ඇත්තේ මඩු වල්ගයකින් අපිම තලා ගැනීමය.

පසුගිය දිනක ගේ‍්‍රරු පාර්ලිමේන්තුවේ බිමල් එක්ක ඇවිලූනේය. බිමල් කියන්නට ගත්තේ මගෙන් අහගන්න එපා පැලවත්ත මූලස්ථානෙට ඇවිත් ලයිසියම් එක ගැන කතා කරපුවා. මේ හාදයා එක්ක පැටළුනේ නැත්නම් ගේ‍්‍රරුලා එක්ක තවමත් මුන් හොඳයි කියන එකද? ගේ‍්‍රරු ජවිපෙ මූලස්ථානයට එන්නේ වෙන එකක් නිසා නොව ඔවුන් දන්නවා ජවිපෙත් කෝටිපති ව්‍යාපාරිකයින් අතර තිබෙන සම්බන්ධය. ගේ‍්‍රරුද අධ්‍යාපන කඩ කාරයෙක්ය. ගේ‍්‍රරු බිමල් හමුවෙන්න ආවනම් කළ යුත්තේ වමේ පාරිශුද්ධ පොර ටෝක් දෙන්නෙක් හැටියට එය රටට හෙළි කිරීමය. ඒත් බිමල් එක්ක ගේ‍්‍රරු ඇවිලෙන්නෙ නැති තාක්කල් ගේ‍්‍රරු රැුක ගනිමින් සිටියේය. ගේ‍්‍රරු ඇවිලූන පසු අපේ ගම්වල සමහරක් ගැහැනු ගානට බිමල් වැටුනේය. ගේ‍්‍රරු බිමල්ගේ ගාණට වැටුනනම් බිමල්ගේ රෙදි ගැලවෙන්නේ සජීවීවය. ගේ‍්‍රරුත් ධම්මික පෙරේරා වගේ බිස්නස් කෙනෙක්නම් බිමල් ගේ‍්‍රරුව අත් හරින්නේ නැත. ඒත් කුමන හෝ වෙලාවක ගේ‍්‍රරුගෙන් විශාල ගාණක් ගැලවීමට මාන බලමින් හිටිය බිමල් පාර්ලිමේන්තුවේදී ගේ‍්‍රරු සමග පැටළුනේය.

බිමල්ට අනුර පුතා වෙනුවෙන් වියදම් කරපුවා පේන්න විදියක්ද නැත. මොකද බිමල්ට අහේනියක් නොමැති නිසාය. බිමල් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අය බස්නාහිර පළාතෙන් ඉඩම් අරන් ගෙවල් හදපුවා පේන්නේ නැත. මොකද බිමල්ට අහේනියක් නොමැති නිසාය. බිමල්ට ලංකා පත්තරේට මුදල් යොදවන්නා ගැන පේන්නේ නැත. ඒ බිමල්ට අහේනියක් නොමැති නිසාය. බිමල්ට චතුර සේනාරත්න ජවිපෙට වැසිකිළිවල මුදල් දුන්න ඒවා පේන්නේ නැත. ඒ බිමල්ට අහේනියක් නොමැති නිසාය. රෝහණ විජේවීරගේ පවුල වෙනුවෙන් එවපු කෝටි ගාණකට වුණේ මොනවද කියා හොයන්නට උවමනා නැත. ඒ බිමල්ට අහේනියක් නොමැති නිසාය. බිමල්ට ජවිපෙ පොදුවේ මොකාගෙන් මුදල් ගත්තත් කමක් නැත. මොකද බිමල් පාර්ලිමේන්තුවේ එකට කන්නේ බොන්නේ මලික් සමරවික‍්‍රම එක්ක නිසා බැවිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More