දේශීය පුවත්

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් කැරලි ඇති කිරීමට ගන්න බාහිර උත්සාහයන් වැලැක්වීමට කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අන්තර් ජාලය ඔස්සේ ඊයේ (04 ) පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව අමතමින් පැවසීය.

“ඕනෑම කඩතුරාවකට මුවාවී බාහිර මැදිහත් වීම් වලට සහ වර්ණ විප්ලවයන් ඇති කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට සාමාජික රටවල බලධාරින් නිශ්චිතවම විරුද්ධ විය යුතුයි.” ෂී අවධාරණය කළේය.

චීන ජනාධිපතිවරයා සිය දේශනය අතරතුර එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව සම්බාධක පැනවීමේ පුරුද්ද ද විවේචනය කළ අතර, ජාතික මුදල් භාවිතයෙන් කරන අන්තර්ජාතික වෙළඳාම් ප්‍රමානාත්මකව වැඩි කරන ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු චීනය, රුසියාව, ඉන්දියාව, කසකස්තානය, කිර්ගිස්තානය, පකිස්ථානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය එක්සත් කරන යුරේසියානු දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සංවිධානයකි.

එම සංවිධානය දැනට භූගෝලීය විෂය පථය සහ ජනගහනය අනුව ලෝකයේ විශාලතම කලාපීය සංවිධානය වන්නේය.වත්මන් සමුලුව පැවැත්වෙන අතරතුර ඉරානය නිල වශයෙන් සංවිධානයට ඇතුළත් කර ගැනීමත් සමඟ  ෂැංහයි සහයෝගිතා සංවිධානය තවදුරටත් පුළුල් විය.

චීන ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ඊනියා ‘වර්ණ විප්ලවයට’ එරෙහිව අදහස් දක්වනු ලැබීය. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් “ජනතාවගේ සාමකාමී ජීවිතය අඩපණ කිරීමට” දරන උත්සාහයට බීජිනය “ඒකාන්තයෙන්ම විරුද්ධ” බව පසුගිය වසරේ අගභාගයේදී ඔහු ප්‍රකාශ කළේය.

‘වර්ණ විප්ලවය’ යන යෙදුම ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ අවශ්‍යතාවලට විරුද්ධ වන ආණ්ඩු පෙරලා දැමීමේ අරමුණ ඇතිව, පශ්චාත්-සෝවියට් රාජ්‍යවල සිදු වූ ආණ්ඩු පෙරලි හඳුන්වා දීමටය.නමුත් එම කලාපයෙන් පිටත රටවල සිදුවූ ආණ්ඩු පෙරලි වලදීද එම යෙදුම භාවිතයට ගෙන ඇත. බොහෝ කැරලි සඳහා එක්සත් ජනපදයේ අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධානවල සහ ඇමරිකානු ඔත්තු සේවා ආයතනවල විශාල සහයෝගයක් ලැබී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2003 දී ජෝර්ජියාවේ රෝස විප්ලවය සහ ඉන් වසරකට පසුව සිදු වූ යුක්රේනයේ තැඹිලි විප්ලවය මේ සඳ දිය හැකි හොඳම උදාහරණ දෙකකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More