දේශීය පුවත්

පසුගිය වසරේ අර්බුද රාශියක් මධ්‍යයේ අතිශය අභියෝගාත්මක මොහොතකදී සිය වැඩ කටයුතු ආරම්භ කළ වර්තමාන විධායක සභාව, වෛද්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දී සිටි අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් ධනාත්මක සහ සාධනීය මැදිහත්වීම් කළ බවත්, ඉදිරියේ දීත් ඒ වෙනුවෙන් කැපවන බවත් ප්‍රකාශ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්…

පසුගියදා පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් නිතරඟයෙන් තේරි පත්වු නව නිලධාරී මණ්ඩලය විසින් හඳුනා ගෙන ඇති අනාගත අභියෝග හා එම අභියෝග ජය ගැනීම සඳහා ඇති ඉදිරි වැඩපිළිවෙල.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වර්ෂය සඳහා වන වාර්ෂික මහ සභා රැස්වීම පසුගිය ජූනි 24 වෙනිදා පැවැත්වින.

එහිදී විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාව සහ 35 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව නිතරඟයෙන් ඒකමතිකව ඉදිරි වර්ෂය සඳහා ද තේරී පත්විය.

පසුගිය වසරේ අර්බුද රාශියක් මධ්‍යයේ අතිශය අභියෝගාත්මක මොහොතකදී සිය වැඩ කටයුතු ආරම්භ කළ වර්තමාන විධායක සභාව, වෛද්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දී සිටි අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් ධනාත්මක සහ සාධනීය මැදිහත්වීම් සිදු කරන්නට සමත් විය.

පසුගිය ධුර කාලය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කරන ලද දස වැදෑරුම් යෝජනා මාලාවට අනුගත වෙමින් ගෙවුනු වසර පුරා වෛද්‍යවරුන් සහ ජනතාව අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙරෙහි විශ්වාසය වර්ධනය කර ගනිමින් වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සක්‍රිය ලෙස දායකත්වය දක්වන්නට හැකිවිය.

නිර්දේශපාලනීය වැඩපිළිවෙළක් ඔස්සේ ප්‍රමුඛතා හඳුනාගනිමින් ඖෂධ අර්බුදය, මන්දපෝෂණ ගැටලුව, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකගැනීම, ඉන්ධන අර්බුදය, වෛද්‍යවරුන් රට හැර යාම, සෞඛ්‍ය සේවයේ යෝජිත ව්‍යුහාත්මක වෙනස්කම්, ඩෙංගු ආදී වසංගත තත්ත්ව සහ වෛද්‍යවරුන්ගේ සුභසාධන කටයුතු වලදී පසුගිය වර්ෂය පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබා දුන් දායකත්වය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබාදීමට සූදානම්ය.

ඉදිරි වර්ෂයේදීත් ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථායිතාවය, සුභසාධනය සහ වෘත්තීය ගරුත්වය රැකගැනීම වෙනුවෙන් කටයුතු කරන අතරතුරදී සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ධනාත්මක මැදිහත් වීම් සිදුකිරීමට ඉදිරියේදිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැප වන බව අභිනවයෙන් පත් වූ විධායක සභාව සපථ කර සිටියි.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More