සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවත්, තායි රාජා හස්තියා ලංකාවට ගෙනැවිත් අවුරුදු 37 ක් වන බවත් මේ දක්වා ඇතා සුවයෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු එන්ජීඕ නඩ විසින් තායිලන්තයට සපයන බවට දැනගන්නට ඇති බවත් හිටපු දියවඩන නිළමේ වරයා පවසයි.
ශ්‍රී දළදා මාලිගාවට ඇත් පැටවකු පූජා කරන ලෙස රට භූමිපෝල් මහ රජතුමාගෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ අනුදැනුම ඇතිව තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එරට රජතුමා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් 1986 වසරේදි තායි රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කළ බවත් ඔහු පවසයි.
එම ඇත් පැටවා ගෙන ආ දින සිට පසු වෛද්‍ය විජිත කුරුවිට මහාචාර්ය නෙවිල් සිල්වා සහ වෛද්‍ය අශෝක දංගොල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුන වැඩුන බවත් තායි රාජා ට කිසිම හිරිහැරයක් නොවන බවත් හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...