පාඩු ලබන බවට බොරු ප්‍රකාශ කරමින් ඇතැම් බස් ඩිපෝ වසා දමා ලංගම විනාශ කිරීමේ ජාතික අපරාධය වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.
මේ මොහොත වන විට ශ්‍රී ලංගම සේවකයන්ට සහ ශ්‍රී ලංගමයට බරපතළ ගැටලු රාශියකට මුහුණදීමට සිදුවී ඇති බව එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.
ලංගම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් බලහත්කාරයෙන් අයකර ගැනීම, ලක්‍ෂයකට වඩා වැටුප් ලබන සේවකයන්ගෙන් අසාධාරණ ලෙස බදු අයකර ගැනීම, ලංගමය ප්‍රතිව්‍යුහගත කිරීමට මැදිහත්වීම, පාසල් සිසුන්ට ලබාදෙන වාර ප්‍රවේශපත්‍රවලට අය කරන මුදල සියයට 25 කින් වැඩි කිරීම, ලංගම සේවකයන්ට ලබාදෙන සියලුම සුබ සාධන ක්‍රියාවලි අත්හිටුවීම යන ක්‍රියාවන් අයි.එම්.එෆ්. වුවමනාව මත වර්තමාන ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රවාහන බලධාරීන් විසින් සිදුකරමින් ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...