දේශීය පුවත්

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් සිදු නොවන බව ආණ්ඩුව පැවසුව ද මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වන පාඩුව රුපියල් බිලියන 97 කට වැඩි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකුවලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙළිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පියවීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ඩොලර් මිලියන 886 ක් නැතිනම් රුපියල් බිලියන 272 ක්. මහ බැංකුව විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කරවල වටිනාකමින් 30% ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6 ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදුවෙනවා.

සංවර්ධන බැඳුම්කරවලින් 85% කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකුවලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 69 ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතනවලට ලබාදී තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323 ක් නැතිනම් රුපියල් බිලියන 92 ක්. ඒ ප්‍රමාණයෙනුත් 30% ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28 ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපා හැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රු. බිලියන 97 ක්. මීට අමතරව පොලියත් 35% කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 97 කට වැඩියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More