උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන්, පවුල් 86,000කට පානීය ජලය සැපයීමද අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇති බවයි මහවැලි බලධාරීන් අනාවරණ කරන්නේ.
ඔවුන් පෙන්වාදෙන්නේ, ජලාශයේ සක්‍රීය ජල ධරිතාවය සියයට 14ක් දක්වා පහළ බැස ඇති බවත්, ගොවිතැන් සඳහා ජලාශයෙන් ජලය නිකුත් කළ හැක්කේ තවත් දින 10ක කාලයක් සඳහා පමණක් බවත් ය.
රත්නපුර හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුනෙහිම කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වන මෙම ජලාශයේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 217,440කි.
හෙක්ටයාර් 25,300ක් පමණ වගාබිම් පෝෂණය කරමින් ගොවි පවුල් 36,600කට ජලාශය මගින් සෙත සැලසෙන අතර, එමගින පානීය ජලය සපුරා ගන්නා පවුල් ගණන 86,000 ඉක්මවයි.
මේ වනවිට ජලාශයේ ධාරිතාවය සියයට 14ක් දක්වා පහළ බැස ඇති අතර, ඒ අනුව මේ වනවිට ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 29,221කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...