පුරවැසි කොලම

රුසියානු-ඉන්දියානු සබඳතා සම්බන්ධයෙන් ගත් කල, මෑත වසරවල ඓතිහාසික ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් අත්පත් කරගෙන තිබුණද බොහෝ ගැටලු මේ වන විට නිර්මාණය වී තිබේ. එම ගැටළු ප්‍රධාන වශයෙන් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාවලට සම්බන්ධ ගැටළු වන්නේය. ඒවා අතර අඩු වෙළඳ සහ ආයෝජන ක්‍රියාකාරකම්, සීමිත ප්‍රධාන ක්ෂේත්‍ර ප්‍රමාණයක් (මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව, න්‍යෂ්ටික බලශක්ති,ඛනිජ තෙල් සහ ගෑස් ක්ෂේත්‍ර කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු කිරීම සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් අතර එකිනෙකාගේ වෙළඳපල සම්බන්ධයෙන් අඩු දැනුවත්භාවය ආදී කාරණා වන්නේය.

කෙසේ වුවද මෙම ගැටළු විසඳා ගත හැකි මට්ටමේ තිබෙන ඒවා වන්නේය.රුසියාවේ අවශ්‍යතාවය වන විශ්වසනීය විදේශ ආර්ථික හවුල්කරුවන් සහ එහි ආර්ථික සබඳතා විවිධාංගීකරණය කිරීමේ ප්‍රතිපත්තිය විසින් දෙරට අතර සබඳතාවල ව්‍යුහාත්මක පරිවර්තනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්දේසි නිර්මානය කරනු ලබයි. ගෝලීය සංවර්ධන අසමතුලිතතාවයන් මඟහරවා ගැනීම සඳහා සමාන උපාය මාර්ග තිබීම, තාක්ෂණික ප්‍රගතිය පිළිබඳ පොදු දැක්ම (තාක්ෂණ හුවමාරු කිරීම් සහ හවුල් ව්‍යාපාර පිහිටුවීම ඇතුළුව), පර්යේෂණ හා සංවර්ධන ඒකාබද්ධ ආයෝජන ආදි තීරණාත්මක පියවරයන් දෙරටෙහිම් හවුල්කරුවන්ට අතීතයේදි කළ ගරු කිරීමට සීමා වීම පමණක් නොව අනාගතය දෙස සාමූහිකව සිතා බලන්නටද දෙරටටම උපකාරී වනු ඇත.

කෙසේ වෙතත්, මෑත දශකවලදී, රුසියාව සහ ඉන්දියාව අතර විශේෂයෙන් වරප්‍රසාදිත මූලෝපායික හවුල්කාරිත්වයේ ආර්ථික අභියෝගවලට දේශපාලන අභියෝගද එකතු වී ඇත. මොස්කව් පරිපාලනය, විශේෂයෙන්ම, වොෂින්ටනය සහ නවදිල්ලිය අතර සබඳතා සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සැලකිලිමත් වේ.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර විස්තීර්ණ ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය වර්ෂ 1990 තරම් ඈත කාලයක සිට ඉන්දියානු දේශපාලනයේ සිදුවූ විකාශනයේ තාර්කික ප්‍රතිඵලයකි. එවකට අගමැති නරසිංහ රාඕගේ රජය ආර්ථික ලිහිල්කරණයේ ක්‍රමානුකූල ක්‍රියාවලියක් ආරම්භ කළේය.ඒ අනුව දේශීය වශයෙන් ප්‍රමාණවත් මූල්‍ය ප්‍රාග්ධනයක් ඉන්දියාවට නොමැති බැවින් විදේශ ආයෝජන සඳහා ඉන්දියාව ආකර්ශනීය ඉලක්කයක් බවට පත් කරනු ලැබීය.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියානු ආර්ථිකය විදේශ ආයෝජකයින්ට විවෘත කිරීම අඛණ්ඩව සිදු විය. ඉන්දියාව නම් දකුණු ආසියානු රට තුළ තම නිෂ්පාදන පහසුකම් සොයා ගැනීමට විදේශීය නිෂ්පාදකයින්ට ආරාධනා කරමින් ‘මේඩ් ඉන් ඉන්ඩියා- Made in India’ වැඩසටහනට සමගාමීව ‘ස්වයංපෝෂිත ඉන්දියාව’ (Aatmnitbhar Bharat) වැඩසටහනට අඛණ්ඩ පැවැත්මක් ජනිත කළේය. එක් අතකින්, එය තාක්ෂණික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගෙන ඇති අතර, අනෙක් අතට, විදේශීය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන දේශීයකරණය කිරීමට හෙවත් ඉන්දියානුකරණය කිරීමට බල කරනු ලබන්නේය.

දළ ඉතුරුම් අනුපාතය වැඩිවීම නොතකා, කාර්මික සංවර්ධනය වේගවත් කිරීමට සහ ඉන්දියාවේ වැඩෙන ජනගහනය සඳහා රැකියා සැපයීම සඳහා ඉන්දියාවට තවමත් විදේශ ආයෝජන අවශ්‍ය වේ. මෙම ගැටළුවට විසඳුම් සෙවීම නවදිල්ලි පරිපාලනයේ පැවැත්ම ලෙස සැලකේ. ඒ අනුව, එක්සත් ජනපදය ඉන්දියාවේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවට පත්ව ඇත. ඉන්දියානු ‘ආහාර රුචිය’ තෘප්තිමත් කළ හැකි නිදහස් ප්‍රාග්ධන ප්‍රමාණයක් එක්සත් ජනපදය හැර වෙනත් කිසිම රටක් සතුව නැත.

රටවල් අතර එකිනෙකා කෙරෙහි ඇති ආර්ථික අවශ්‍යතා දේශපාලන සාධක මගින් අධිස්ථාපනය කරනු ලබයි. 1962 චීන-ඉන්දියානු යුද්ධයේ දී ඉන්දියාවේ පරාජය නව දිල්ලි පාලනයට මරු පහරක් වූ අතර, නූතන ඉන්දියානු දේශපාලන ප්‍රභූවරුන්ට ඉන් ගොඩ ඒමට තවමත් නොහැකි වී ඇත. කඩිනම් මිලිටරි සංවර්ධනය සමඟ සංකලනය වූ චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනය විසින් ඉන්දියානු ප්‍රභූ පැලැන්තිය තුල අනතුරු ඇඟවීමේ හැඟීම් තීව්‍ර කර ඇත.

නවදිල්ලි පරිපාලනය විශේෂයෙන්ම චීන නාවික හමුදාවේ සංවර්ධනය සම්බන්ධයෙන් සැලකිලිමත් වේ. ඉන්දියාවේ ඉදිරි දැක්මට අනුව, බීජිං පරිපාලනයට ඉන්දු-පැසිෆික් කලාපයේ තම ආධිපත්‍යය සහතික කිරීමට අවශ්‍යවේ. මෙම සන්දර්භය තුළ, ඇමරිකානුවන් සමඟ ඉන්දියානුවන් පවත්වන සහයෝගීතාවය විසින් ඔවුන්ගේ ආරක්ෂාවට ඇති තර්ජන උදාසීන කිරීමට ඇති ක්‍රම කිහිපයෙන් එකක් ලෙස සලකනු ලබයි.

ඉන්දු-ඇමරිකානු උපායමාර්ගික හවුල්කාරිත්වය රුසියාවද ඇතුළු කිසිදු බලවත් රටකට ආපසු හැරවිය නොහැකි දිගු කාලීන ප්‍රවණතාවකි. ඉන්දියානු දේශපාලන ප්‍රභූන් ඇමරිකානුවන් සමඟ ඔවුන්ගේ සම්බන්ධතා පුළුල් කරන්නේ වොෂින්ටනයේ පීඩනය නිසා නොව, ඉන්දියානුවන්ගේ මතය අනුව, එක්සත් ජනපදය සමඟ සහයෝගිතාව ඔවුන්ගේ ජාතික අවශ්‍යතා සඳහා බව මොස්කව් පරිපාලනය වටහා ගත යුතුය. ඉන්දියානුවන් තම ජාතික අවශ්‍යතා වරදවා වටහාගෙන සිටින බවට ඒත්තු ගැන්වීමට දරන උත්සාහය ප්‍රතිඵලදයක නොවනවා පමණක් නොව, රුසියානු-ඉන්දියානු සබඳතාවලටද හානි පමුණුවනු ඇත.

එවැනි සංජානනයක් රුසියානු ඉන්දියානු දේශපාලන කතිකාවේ ප්‍රධාන ප්‍රවාහයේ කොටසක් බවට පත් වුවහොත්, මොස්කව් පරිපාලනය බීජිං සමඟ ගොඩ නගමින් පවතින “පුළුල් හවුල්කාරිත්වය සහ නව යුගයක උපායමාර්ගික අන්තර්ක්‍රියාකාරිත්වයේ සම්බන්ධතා” සම්බන්ධයෙන් නව දිල්ලියෙන් ඊට සමාන ආකල්පයක් අපේක්ෂා කිරීමට සිදුවේ.

රුසියාව සහ චීනය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අසල්වැසියන් වේ. රුසියානු සමූහාණ්ඩුවේ සහ චීනයේ දේශපාලන ප්‍රභූන්ට වර්තමාන ගෝලීය හා කලාපීය ගැටලු සම්බන්ධයෙන් සමාන අදහස් ඇති අතර රටවල් අතර ආර්ථික සහයෝගීතාව දැවැන්ත වේගයකින් වර්ධනය වේ. ඒ අතරම, ‘සන්ධානයක් ගොඩනඟන්නේ නොමැතිව වැඩෙන හවුල්කාරිත්වය’ තුන්වන රටකට එරෙහිව කටයුතු කිරීමට යොමු නොවේ. එලෙසම එම හවුල්කාරිත්වයේ තරම ගණනය කරනු ලබන්නේ රුසියාවේ සහ චීනයේ ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණි.

සබඳතාවල මූලෝපායික ස්වභාවය, එක් අතකින්, බුද්ධිමය ස්වභාවයක් ගන්න අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. අනෙක් අතට, ඕනෑම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දිගුකාලීන අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් හේතුවෙන් ගොඩනැගෙන අද්විතීය සාධකවල බලපෑම යටතේ හැඩගැසී ඇති පොදු හරයකට ලඝු කළ නොහැකි ප්‍රපංචයකි.

රුසියාව සහ ඉන්දියාව යන දෙරටම ඔවුන්ගේ ජාතික අවශ්‍යතා මත පදනම්ව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල් දෙකකි. දෙරටේම ප්‍රභූන්ට සමීප සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමට අවශ්‍ය නම් එකිනෙකාගේ ස්ථාවරයන් පිළිගැනීමට සිදුවනු ඇත.

IMEMO RAS හි ඉන්දියානු සාගර කලාපීය අධ්‍යයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානී Gleb Makarevich විසින් රචිත Love triangles aren’t an option: Can Russia and India stay friendly without upsetting their Chinese and American partners?   ලිපියේ සිංහල පරිවර්තනයයි.
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More