ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට සහභාගි වීමට පැමිණි ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය, චීන කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය හා නේපාල කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග වත්මන් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමක නිරත විය.
නේපාල කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් නේපාලයේ හිටපු අගමැති මාදව් කුමාර් නේපාල් මහතා සහභාගි වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති ඩිව් ගුණසේකර, මහ ලේකම් ජී. වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී වත්මන් ලෝක තත්ත්වය බහු ධ්‍රැවීය දේශපාලන බල කේන්ද්‍රයන් වීමේ තත්ත්වය සහ නව ලිබරල්වාදය සහ අධිරාජ්‍යවාදයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක් කිරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිඩ් ගුණසේකර මහතා කටයුතු කළේය.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...