දේශීය පුවත්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට මෙරටට පැමිණි චීනයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් පිරිසක් අද(04) මෙරට පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සාමාජිකයන් අතර හමුවීමක් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී සිදුවිය.

මෙම හමුවේ දී පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ලෙස කටයුතු කරන ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා මුලසුන දැරූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Yao Jianguo මහතා, අධ්‍යක්ෂක Li XuDeputy මහතා, උපදේශක Feng JieClass මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhao Tianming මහත්මිය මෙම අවස්ථාවට සහභාගි විය.

මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Yao Jianguo මහතා පැවසුවේ චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා විසින් චීන් කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සංවත්සරයේ දී මතුකළ කරුණු අනුව චීනය, ලෝකයේ අනෙකුත් රටවල් සමග හා අභ්‍යන්තර දේශපාලන පක්ෂ සමග සුහදව ගනුදෙනු සිදුකරන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More