දේශීය පුවත්

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබාදුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟවා ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ (ජූලි 3) වාර්තා කර ඇත.

තායිලන්ත වෙබ් අඩවියක් වන තායි පී.බී.එන්. වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, තායි දූත පිරිසක් ඇතා දැකබලා ගැනීමට පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද හඳුනා නොගත් ස්ථානයකට එම සතා යවා ඇති බව ය.

ඔවුන් එසේ සොයා ගොස් ඇත්තේ, 2001 වසරේදී මුතුරාජා ඇතා (තායිලන්තයේදී සක් සුරින්) සමග ශ්‍රී ලංකාවට තෑගි කළ (තායිලන්තයේදී ප්‍රතුපා) ඇතා බව ද එම වාර්තාවන්හි සඳහන් වේ.

ප්‍රතුපා බැහැදැකීමට ගිය ත් ඔහු සොයා ගත නොහැකි වී යැයි මුතුරාජා ආපසු ගෙන යෑමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා පැමිණ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන කාන්ජනා ශිල්පා සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබේ.

කාන්ජනා ශිල්පා හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයෙකුගේ දියණියක වන අතර එරට වත්මන් සංචාරක අමාත්‍යවරයාගේ සහෝදරිය වේ.

තායිරාජා (තායිලන්තයේදී ප්‍රතුපා) බැලීමට ඔහු භාර දී තිබූ විහාරස්ථානයට ගිය ද තායිරාජා එහි නොමැති බව ත් තමන්ට ඔහු දැකීමට බලධාරීන් අවස්ථාව ලබා නොදුන් බව ත් ඇය මුහුණු පොතෙහි තැබූ සටහනෙහි දැක්වේ.

කැලණිය විහාරස්ථානයට ත්‍යාග කර සිටින කණ්ඩුල (තායිලන්තයේදී ශ්‍රී නරොන්) මේ දිනවල පැවැත්වෙන කතරගම පෙරහරේ කරඬුව වැඩමවීම සඳහා කතරගමට ගෙන ගොස් ඇති අතර කාන්ජනා කුමරිය කණ්ඩුල බැහැ දැකීමට එහි ගොස් තිබුණේ ඉකුත් පළමු වන දා ය.

කණ්ඩුල සතුටින් හා නිරෝගීව සිටින බවට ඇය ඇගේ ෆේස්බුක් සටහනක් තබා ඇත්තේ කණ්ඩුල සමග ගත් ඡායාරූප රැසක් ද සමගිනි.

කෙසේ වෙතත් කණ්ඩුල හා තායිරාජාද යළි තායිලන්තයට ගෙන එන්නැයි ඉල්ලා සිටීමේ බලවත් රැල්ලක් මේ වනවිට තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ගොඩනැගෙමින් පවතිතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මුතුරාජා බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේ එහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තෑගි ලෙස ලබාදීමට සූදානම් වුවත්, එය ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දැනට විහාරස්ථානයේ ඇති පිළිමයක රන් ආලේප කිරීමට අවශ්‍යව ඇති නමුත් ශ්‍රී ලංකාවේ රන් ද්‍රාවණ නොමැති බැවින් එම පිළිමයෙහි රන් ආලේප කිරීමට නොහැකිව සිටින බව පැවැසී යැයිද එබැවින් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයි කාන්ජනා ශිල්පා තායි පී.බී.එන්. වෙබ් අඩවියට දුන් සම්මුඛ සාකච්ඡාවක සඳහන්ව තිබේ.

– මව්බිම –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More