දේශීය පුවත්

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ‘මිස්ටර් ටෙන් ප්‍රසන්ට්’ නමින් ප්‍රචලිත ප්‍රබලයකු සිය තනතුර ආරක්‍ෂා කර ගැනීම සඳහා සෞඛ්‍යයේම විශේෂ පුද්ගලයන්ට අල්ලස් දීම ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

තනතුරට පත්ව වසරක් ගතවී ඇති මේ අවස්ථාවේ එම ප්‍රබලයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ට මෙන්ම අතැම් වෘත්තීය සමිති නායකයන්ට ද මෙලෙස අල්ලස් ලබා දෙමින් සෞඛ්‍ය සේවාව අයාලේ යන තත්ත්වයකට පත් කරමින් සිටින බවට ද එම සංසදය චෝදනා කරයි.

චෝදනා ලත් මෙම නිලධාරියා විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් විශ්‍රාම වයස 63 තෙක් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් දැමීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද සිය දූෂිත ගනුදෙනු සහ බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව තොරතුරු වසන් කිරීමේ අරමුණින් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කියයි.

පසුගිය දිනවල රෝහල්වල සිදුවූ ඇතැම් මරණ බාල ඖෂධ භාවිතයෙන් වූ බවට තොරතුරු තහවුරු වූ අවස්ථාවලදී එම මරණ එසේ සිදුනොවූ බව ඒත්තු ගැන්වීමට විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට එම ‘ප්‍රබලයා’ විසින් අල්ලස් ලබාදීමට එකඟවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම දැඩි අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ එම ප්‍රබලයාගේ දූෂණ වසා දමන සහ ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින උසස් නිලධාරීන්ට පිටරට සවාරි ලබාදිමට ද කටයුතු කර ඇති හෙයින් මෙම ‘ප්‍රබලයාට’ ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

ජාතික ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ ධුරයට සුදුසුකම් සහිත නිලධාරියකු පත්නොකර වැඩබලන පුද්ගලයකු පත්කිරීමටත් මෙම ප්‍රබලයා කටයුතු කර තිබේ. රජයේ ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කර අවුරුදු 13 ක් එක දිගටම සේවයෙන් නිදහස් වූ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති නායකයකුට යළි වැඩ නොකර රාජකාරියේ යෙදීමට අනුමැතිය ලබාදී ඇත්තේ ද මෙම ප්‍රබලයාගේ තොරතුරු හෙළි නොකරන ලෙසට තර්ජනය කරමින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කියයි.

– දිවයින –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More