දේශීය පුවත්

පොලිස්පතිවරයා විශ්‍රාම ගොස් දින 8 ක් ගතවී ඇතත් මෙතෙක් නව පොලිස්පතිවරයකු පත්කර නොමැත.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් ජුනි 25 වැනිදා සිට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පති තනතුර සඳහා රජය විසින් ඊයේ (03 දා) වනතුරුත් කිසිදු නිලධාරියකු පත්කර නැත.

36 වැනි පොලිස්පති ලෙස පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සුදුසුකම් ලබා සිටිති. පොලිස්පතිවරයකු පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිලධාරීන් තිදනකුගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කළ යුතු නමුත් මේ වන තෙක් එසේ නම් යෝජනා කිරීමක් සිදු කර නැතැයි පැවසේ.

මේ අතර, දැනට සතියකට පමණ පෙර ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ද පොලිස් කොමිසම, පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතත් මේ වන්තුරුත් පොලිස්පතිවරයකු පත්කර නොතිබීම හේතුවෙන් එය ද ගැටලුවක් වී තිබේ.

මේ අතර, පොලිස් කොමිසමේ සේවක හිඟයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි ගැටලු සම්බන්ධ ලිපිගොනු 12,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් කොමිසම තුළ ගොඩගැසී ඇති බව ද වාර්තා වේ.

මෙම කොමිසමේ නිලධාරීන් මෙන්ම සේවකයන් 28 දෙනකුගේ ද හිඟයක් ඇතැයි පැවසේ. මෙම තත්ත්වය මැද පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සහ තනතුරු පිළිබඳව ගැටලු මෙතෙක් නොවිසඳී එසේම පවතින බව ද කොමිසම සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More