රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවත්, ඖෂධ හිඟයක් ඇතිවී ඇත්තේ ආර්ථික අර්බුදය නිසා නොව අකාරක්ෂමතාවය නිසා බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන්නා බවට විෂය භාර අමාත්‍යවරයාට ද තොරතුරු ලැබී ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
“අපි දැන් මේ දවස්වල බහුලව කථාකරන දෙයක් තමයි බෙහෙත් හිඟය සහ තියෙන බෙහෙත් බාලවීම. මේකට ඇත්තම කියනවානම් වගකියන්න ඕනේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. ජාතික ඖෂධ අධිකාරය තීන්දු කළා ඒ අයගේ සේවකයෝ ඉවත් කරන්න. ඖෂධවේදීන්… ඒක හරි තීන්දුවක් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන ඉන්න ලොක්කෝ සිල්වන්තයෝ කියලා. ලොක්කෝ ඊට හපන්. අපි අද කවුරුත් දන්නවා එතන ඉන්න ලොක්කෝ මිලියන තුන, හතර අල්ලස් ඉල්ලනවා. ෆයිල් රෙජිස්ටර් කරන්න. ඖෂධ සමාගම් ක්ෂේත්‍රයේ ඉන්න අය ලෑස්ති ඇමතිවරයාට ළඟට ඇවිල්ල ඒ විස්තර දෙන්න. එතකොට ඇමතිවරයාට ඒ විස්තර දීලා තියෙනවා කියන එකත් අපි දන්නවා. මේ රටේ ඖෂධ හිඟයක් ඇතිවෙලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි. ඖෂධ හිඟයට බලපාලා තියෙන්නේ වංචාව දූෂණය නිලධාරී වාදට නොහොත් අකාරක්ෂම තාවය.”
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ මේ වනවිට ඖෂධ 200ක පමණ සංඛ්‍යාවක හිඟයක් රටතුළ පවතින බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...