කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් අවදානම් තත්ත්වයක් බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසන්නේ මෙමගින් උස් ගොඩනැගිලිවලට බලපෑමක් එල්ලවිය හැකි බවත්, එම නිසා එම ගොඩනැගිලි වර්ගීකරණයක් කර යුතු බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතුල සේනාරත්න මහතා,
“ඊයේ පෙරේදා ගිනිකොණදිග මුහුදු කලාපයේ සිදුවුණු කම්පනය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනිලා තිබුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයට. බස්නාහිර පළාතට මේ කම්පනය දැනිලා තිබුණා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට අනිවාර්යයෙන් කිසියම් බලපෑමක් ඇතිකරන්න පුළුවන් මේ ගිනිකොණදිග කලාපයේ සිදුවන කම්පනවලින්. ලංකාවේ සවුත් ඊස්ට් කලාපයේ සිදුවන කම්පන දැනෙන නිසා ඒ කලාපවල තියෙන උස් ගොඩනැගිලිවලට හානිදායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්‍යාවශ්‍යයෙන්ම කරන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන නව සහ පරණ ගොඩනැගිලි, විශේෂයෙන්ම උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කළ යුතුයි. මේ වර්ගීකරණයේදී හඳුනාගන්න පුළුවන් පොළොවේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන විදියට මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා ද? ඒ වගේම භූමි කම්පනවලට ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙනවාද ? ඒ ගොඩනැගිලිවල පාදම ඒ නිසි ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවාද කියන එක. අධ්‍යයනය කරලා ඒ අනතුරුදායක ගොඩනැගිලි හඳුනාගත්තාම අපිට සමහර වෙලාවට කිසියම් ක්‍රමවේද තියෙනවා මේවා නිවැරදි කරන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...