දේශීය පුවත්

ප්‍රංශයේ නව යොවුන් වියේ දරුවෙකු මාරක පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඇතිවූ දැවැන්ත නොසන්සුන්තාවය හේතුවෙන් සිදුවූ හානිවල ආර්ථික පිරිවැය ඉහල යමින් තිබෙන බව එරටින් ලැබෙන නවතම පුවත් වලින් කියවේ. දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් වාර්තා වී ඇත්තේ දකුණු වරාය නගරයක් වන මර්සෙයිල් හි වන අතර එහිදී ව්‍යාපාර 400 ක් විනාශ කර ඇති බව ප්‍රංශ ප්‍රාදේශීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ගණන් බලා ඇතැයි කියවේ.

“සියලු වර්ගවල ව්‍යාපාර ඉලක්ක කර තිබෙනවා. විශේෂයෙන් වටිනා වෙළඳ භාණ්ඩ සහිත කඩ සාප්පු ප්‍රචන්ඩකාරීන්ගේ ඉලක්කයට ලක් වූවා.” Aix-Marseille-Provence සඳහා වූ කුටියේ ප්‍රධානී Jean-Luc Chauvin ඊයේ (03 ) ප්‍රංශ තොරතුරු ඒකකය වෙත පැවසීය. රක්ෂණකරුවන්ගේ මූලික ඇස්තමේන්තුවකට අනුව හානියේ පිරිවැය යුරෝ මිලියන 100 (ඩොලර් මිලියන 109) ඉක්මවන අතර එය නිසැකවම තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Jean-Luc Chauvin ට අනුව, සමහර වෙළඳසැල් වලට සිදුවූ හානිය යථා තත්වයට පත්  කිරීමට මාස කිහිපයක් ගතවනු ඇත. එවැනි වෙළෙඳ සැල් අතර විශේෂයෙන් ගිනි තබා ඇති හෝ සම්පූර්ණයෙන්ම මංකොල්ලකන ලද ඒවා වන බවද පැවසේ.

ප්‍රංශය පසුගිය අඟහරුවාදා(ජූනි 27 ) සිට ප්‍රචණ්ඩ විරෝධතා වලට ලක්වී තිබේ. පැරිස් උපනගරයක් වන නන්තෙරේ නගරයේ  රථවාහන පරීක්ෂා කිරීමකදී එයට අවනත වීම ප්‍රතික්ෂේප කළ බව කියවෙන නහෙල් එම් ලෙස හඳුනාගත් 17 හැවිරිදි ප්‍රංශ-ඇල්ජීරියානු පිරිමි ළමයෙකුට පොලිසිය වෙඩි තබා මරා දැමීය.

නෙහෙල්ට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරියා ඉක්මනින් අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා එල්ල කර බන්ධනාගාර ගත කරන ලද්දේය.කෙසේ වුවද මෙම සිද්ධිය රටපුරා ප්‍රචණ්ඩත්වය පිරුණු රැල්ලක් ඇති කළ අතර එය බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය දක්වාද පැතිර ගියේය.

කළහකාරී තරුණයින් විසින් ගිනි තැබීම් පොලිස් නිලධාරීන්ට, පොදු ගොඩනැගිලි සහ වෙළඳසැල් වලට පහර දෙමින් ප්‍රංශයේ වීදි වල පාලනය සියතට ගැනීමත් සමඟම,මාර්සෙයිල් ඇතුළු අනෙකුත් ප්‍රදේශ වලට පොලිස් නිලධාරින් 45,000ක් පමණ යෙදවීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර ඇත.

ප්‍රචණ්ඩත්වයේ අඛණ්ඩ හයවැනි රාත්‍රිය වූ ඉරිදා(02) රාත්‍රියේ සිට සඳුදා(03) දක්වා අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව එක රැයක් තුළ 157 දක්වා පහත වැටී ඇති බව ප්‍රංශ පොලිස් ආරංචි මාර්ග පවසයි. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව ජුනි 30 රාත්‍රියේ පමණක් අත්අඩංගුවට ගැනීම් 3,880 ක උපරිමයක් වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More