ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ගිණි පෑගීම සඳහා බස්නායක නිළමේවරයා නියමකර තිබූ ස්ථානයෙන් බැහැරව කපුමහතුන්ගේ අභිමතය පරිදි මැලය සකස්කරන ස්ථානය වෙත පැමිණි බස්නායක නිළමෙි ඩිෂාන් ගුණසේකර මහතා සහ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් දර පොලුවලින් මැරයන් ලවා පහරදී ඇතැයි වාර්තා වේ.
පසු ගිය වසරේ ගිණි පෑගීම සිදු කළ ප්‍රධාන වීදියේ වල්ලි අම්මා දේවාලය සීමාවේදීම මෙවරද ගිණි පෑගීම සඳහා අවශ්‍ය දර ගෙනැවිත් ගොඩබා තිබී ඇත.
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ඇති චෛත්‍යයට සහ එහි බෝධීන් වහන්සේට ගිණි රශ්මය නිසා බලපෑමක් ඇතිවිය හැකි බවට විහාරාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් කළ ඉල්ලීමකට අනුව ඊට අවශ්‍ය කටයුතු කළ බව නිළමේ කාර්යාලය පවසයි.
මෙි අනුව බහුතර පිරිසකගේ අභිමතය පරිදි පසුගිය වසරේ ගිණි පෑගු ස්ථානයේ පෑගීම සඳහා ගොඩබා තිබූ දරගොඩ කපුමහතුන්ගේ අභිමතය පරිදි පිරිසක් ලවා අභිනවාරාම විහාරස්ථානය අභියසට අද්දවා ගිණි මැලය සකස් කරන අවස්ථාවේදී ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානය වෙත පැමිණි බස්නායක නිළමෙිවරයාට සහ නායක හිමියන්ට කපුමහතුන් කීපදෙනකු මැරයින් පිරිසක් ගෙන්වා පරුෂ වචනයෙන් බැන වැදී දරපොලුවලින් පහරදුන් බව පොලිසිය පවසයි.
මාසයක් තුළ තේවා කටයුතු කරන කපු මහතකු දල වශයෙන් උපයන රුපියල් ලක්ෂ 500 ක පමණ ආධායමෙන් රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් පූජා භූමියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන ලෙසට කළ ඉල්ලීමකට සමහර කපු මහතුන් විරසකවී ඇති බවට නිළමෙි ඩිෂාන් ගුණසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...