දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් තෝරා ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක්කර ගැනීමට ද නියමිත ය.
ඉඩම වෙන්කර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදවු කිරීමට සූදානම් බවට ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
ඒ අනුව, මෙම ඉඩම පිළිබඳ සොයා බැලීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිතරව තිබේ.
නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේදී මෙහි ඉදිවීමට නියමිත බවයි රුවන් විජයවර්ධන මහතා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...