දේශීය පුවත්

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ.

මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙස සැළකේ.

ලෝවැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න ලෙස හැඳින්විය හැක්කේ සිදුහත් කුමරා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමයි.

බෝසත් කුමරා ගිහිගෙයින් නික්ම යාමට (අභිනිෂ්ක්‍රමණය) සමගාමීවම රාහුල කුමරාගේ උපත සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනකය. තිලෝගුරු බුදු පියාණන් ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ ද ඇසළ පුන් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් විසීම මෙන්ම සංඝයා වහන්සේගේ පෙරවස් එළඹීමද සිදු වූයේ මෙවන් උතුම් පොහෝ දිනකදී ය. බුදුරජුන් තව්තිසා දෙව්ලොවට වැඩමකොට මහාමායා දේවියගේ දේව උප්පත්තිය වූ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන් උදෙසා අභිධර්මය දේශනා කරන ලද්දේ ද ඇසළ පොහොය දිනයේදීය.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු ආරම්භ කිරීමද මෙම පොහෝ දිනයේදී සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More